ප්‍රාදේශීය සභාව

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත යට‍තේ බියගම ප්‍රාදේශීය සභාවට සභාපතිවරයෙකු, උප සභාපතිවරයෙකු සහ තවත් තෝරා පත් කරගත් සභිකයන් 21ක් සමන්විතව 1995 අප්‍රේල්මස 20 සංස්ථාපනය කරන ලදී.

1995.04.21 වැනි දින අංක 867/ 21 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් නියමයන් සංස්ථාපනය වී ඇති බියගම ප්‍රාදේශීය සභාව 1995.06.01 ආරම්භ විය.

වර්තමානයේ මෙය කඩවත, මාකොළ, දෙල්ගොඩ යන උප කාර්යාල 03කින් සමන්විත වන අතර බියගම ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යාලය දෙල්ගොඩ නගරයේ පිහිටා ඇත.